ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණ ද මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ය. වත්මන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ද පැවසීය.