මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඉන් 20 දෙනෙකු රැඳවියන් වන අතර ඉතිරි 7 දෙනා බන්ධනාගාර නිලධාරීන් වෙති.මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අතර එක් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 6 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.