ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.