හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛන වලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 9 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.