මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි.ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ ය.එහිදී, CSN රූපවාහිනී සේවයේ හිටපු නාලිකා ප්‍රධානී යසාරා අබේනායක සහ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි දුන්හ.