පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Wait 5 sec.

අද (10) දින අළුයම් කාලයේ කන්දකැටිය පොලිස් වසමේ ගිගිරිබුදාම ප්‍රදේශයේදී කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුද්ගලික ඉඩමක් තුල පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 64 ක් වන බදුලුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කන්දකැටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවටයි වාර්තා වන්නේ.The post පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.