කෘත්‍රිම බුද්ධිය මගින් මානව හිමිකම් සවිබල ගැන්වීමේ ප්‍රවේශයක්

Wait 5 sec.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63වන සැසිවාරයට සමගාමීව චීනය“ කෘත්‍රිම බුද්ධිය මගින් මානව හිමිකම් සංවර්ධනය සවිබල ගැන්වීම” මැයෙන් අතුරු සැසියක් සංවිධාන කරයි. එම සමුළුව ඉකුත් 16වන දින ජිනිවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව, සවිට්සර්ලන්තය, කියුබාව ඇතුළු රටවල් 20ක පමණ නියෝජිතයෝ,රාජ්‍ය නොවන සංවිධානයන්හි ප්‍රධානීහු සහ විද්වත්හු ඊට එක්වූහ.චීන නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63වන සැසිවාරයයේදී කෘත්‍රිම බුද්ධිය මගින් මානව හිමිකම් සුරැකීම පිළිබඳ ‍දේශන මාලාවක් සිදු කර තිබේ. ලෝකවාසීන් සියල්ලන්ටම කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය හිමි වන බව ඔවුන් එහිදී පෙන්වා දී ඇත. චීනය සංවිධාන කළ එම අතුරු සැසියට එක්වූවෝ, මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්හ.ගෝලීය කෘත්‍රිම බුද්ධි සේවා සම්පත් හා සැපයුම අසමබර තත්ත්වයක පවතින බවත්, සියලු රටවල් මහජන කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කරමින් සියලු ජනතාවට ලබාගත හැකි කෘත්‍රිම බුද්ධි සේවා පද්ධතියක් ගොඩ නැගිය යුතු බවත්, ඔවුහු අවධාරණය කළහ. එමගින් තාක්ෂණික බාධා දුරු කරමින් විවිධ රටවල හා ජනකණ්ඩායම්හි පුද්ගලයින්ට කෘත්‍රිම බුද්ධියෙන් සෙත සැලසෙනු ඇත. දරිද්‍රතාව පිටු දැකීම, මහජන සෞඛ්‍ය හා වෛද්‍ය සේවා, ජෛව පරිසර කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍රයන්හි කෘත්‍රිම බුද්ධියට හිමි වැදගත්කම එම අතුරු සැසියේදී අවධාරණය කෙරිණ. එසේම තාක්ෂණික සංවර්ධනය සැමවිටම සදාචාරය මත පදනම් විය යුතු බව ද එහිදී පෙන්වා දෙනු ලැබිණ.The post කෘත්‍රිම බුද්ධිය මගින් මානව හිමිකම් සවිබල ගැන්වීමේ ප්‍රවේශයක් appeared first on Siyatha News.