අධික වර්ෂාවෙන් ටියුනීසියාවේ අගනුවරට ගංවතුර

Wait 5 sec.

ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ටියුනීසියාවේ අගනුවර ප්‍රදේශ කිහිපයක දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබේ. මාර්ග සහ නිවාස ජලයෙන් යටවීමත් සමඟ මෝටර් රථ තුළ ජනතාව සිරවී ඇති අතර, විදුලිබල සහ අන්තර්ජාල සේවාද බාධාවට ලක්ව ඇත.ජනගහනය මිලියන තුනකට ආසන්න Greater Tunis කලාපය පසුගිය වසර කිහිපය තුළ නැවත නැවතත් ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී තිබේ. ඉකුත් ජනවාරි මාසයේ ඇති වූ දැඩි වර්ෂාවෙන් ද අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල විය. එම අවස්ථාවේදී පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් විශාල දේපළ හානිද සිදුව තිබුණි.කාලගුණ අනතුරු ඇඟවීම් කල්තියා නිකුත් කර තිබුණද, පාසල් තාවකාලිකව වසා දැමීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කර තිබුණේ බොහෝ ප්‍රමාද වී බව කියැවේ.වර්ෂාව තවදුරටත් තීව්‍ර වීමත් සමඟ දෙමාපියන් සිය දරුවන් රැගෙන යාම සඳහා පාසල් වෙත කඩිනමින් පැමිණි අතර, අගනුවර පුරා රථවාහන තදබදයද දැඩි විය.The post අධික වර්ෂාවෙන් ටියුනීසියාවේ අගනුවරට ගංවතුර appeared first on Siyatha News.