පෘථිවි කක්ෂය තුළ අභ්‍යවකාශ අවියක් යොදවා ඇති බව ඇමරිකාව පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙවැනි ප්‍රහාරක හැකියාවක් තමන් සතුව ඇති බව ඇමරිකාව පිළිගත් පළමු අවස්ථාව මෙයයි.ඇමරිකානු ගුවන් හමුදා ලේකම් Troy Meink පවසා ඇත්තේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීම සඳහා මෙම අවිය අවශ්‍ය වූ බවයි.සඳුදා පැවති Air, Space and Cyber Conference අමතමින් Meink කියා සිටියේ, වෙනස් වෙමින් පවතින තර්ජනවලට මුහුණදීමට ඇමරිකාව සූදානම් බවයි. එහෙත් එම අවියේ හැකියාවන් හෝ එය කක්ෂගත කළේ කවදාද යන්න පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු හෙළි කර නැත.රුසියාව සහ චීනය අනාගත ගැටුමකදී ඇමරිකානු චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමට හා ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා කිරීමට හැකි ක්‍රම සංවර්ධනය කරමින් සිටින බව පවසමින්, අභ්‍යවකාශයේ ඇමරිකානු හමුදා හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් මීට පෙර ප්‍රකාශ කර තිබිණිThe post අභ්යවකාශ අවි යොදවා ඇති බව ඇමරිකාව පළමු වරට තහවුරු කරයි appeared first on Siyatha News.