හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පිළිබඳව යළිත් දැඩි කතාබහක් මතු වී තිබේ.ඒ, බදාදා (සැප්: 16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය පුවතත් සමග ය.ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ මව වන ඈන් ද ලිවේරා ද සිංගප්පූරු ගුවන් සේවයේ SQ 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි.