ජපානය හා පිලිපීනය නීතිවිරෝධි දේශසීමා නිර්ණය කිරීම වහාම නවතා චීනය සමග සාකච්ඡා පැවැත්විය යුතුයි – චීනය

Wait 5 sec.

ජපානයට හා පිලිපීනයට, තායිවාන දූපතට නැගෙනහිරින් පිහිටි පැසිෆික් සාගරයෙහි දේශසීමා නිර්ණය කිරීමට නීතිමය පදනමක් නැතැයි බුද්ධි මණ්ඩල වාර්තාවකින් තහවුරු කෙරේ. චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ සාගර සංවර්ධන උපාය මාර්ගික පර්යේෂණ ආයතනය ඊයෙර් (02) එම බුද්ධි මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ.තායිවාන දූපතට නැගෙනහිරින් පිහිටි පැසිෆික් සාගර කලාපයට ආවේණික භූගෝලීය පසුබිම් ඇතැයි එම වාර්තාව කරුණු හා සාක්ෂි සහිතව පෙන්වා දෙයි. ජපානය හා පිලිපීනය තායිවාන දූපතට නැගෙනහිරින් පිහිටි පැසිෆික් සාගරයෙහි දේශසීමා නිර්ණය කිරීමට පෙර චීනය සමග සාකච්ඡා නොකළ බැවින් එම ක්‍රියාවෙන් අදාළ සාගර කලාපය පිළිබඳ චීනය සතු නීත්‍යනුකූල අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කර තිබේ. එම ක්‍රියාව ජගත් නීතිය උල්ලංඝනය කිරීමක් ද වේ. එබැවින් ජපානය හා පිලිපීනය එම නීතිවිරෝධි ක්‍රියාව වහාම නතර කර චීනය සමග අදාළ සාකච්ඡා පැවැත්විය යුතු බව ද එම වාර්තාව අවධාරණය කර ඇත.The post ජපානය හා පිලිපීනය නීතිවිරෝධි දේශසීමා නිර්ණය කිරීම වහාම නවතා චීනය සමග සාකච්ඡා පැවැත්විය යුතුයි – චීනය appeared first on Siyatha News.