යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාමය පිළිබඳ එකඟතාවයක අදියරක් වශයෙන් ඉරානය ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනු ඇති බව ඇමරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කර ඇත.ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ(2) මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ, ඉරානයට අවශ්‍ය බඩඉරිඟු, තිරිඟු සහ සෝයා බෝංචි සපයන්නේ ඇමරිකානු ගොවීන් පමණක් බවය. එහෙත් ඉරාන මහ බැංකු අධිපති Abdolnaser Hemmati ඉරාන පුවත් ඒජන්සියකට ප්‍රකාශයක් ලබා දෙමින් ඇමරිකාවෙන් කෘෂිකාර්මික අමුද්‍රව්‍ය මිලදී ගැනීමට කිසිදු බැඳීමක් නැතැයි අවධාරණය කර තිබේ.මේ අතර ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බවත්, තමන්ට අවශ්‍ය කරුණු සියල්ලට ම පාහේ ඉරානය එකඟ වී ඇතැයි තමන් විශ්වාස කරන බවත් Donald Trump සඳහන් කළේය.ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට ගත් තම තීරණය සාධාරණීකරණය කරමින්, මෙය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉවත් කිරීමක් ලෙස සැලකිය හැකි බව ද ඔහු සඳහන් කර ඇත.එමෙන්ම ඇමරිකාව මීට පෙර සම්බන්ධ වූ දිගුකාලීන ගැටුම් සමඟ සසඳන විට මෙම යුද්ධය සාපේක්ෂව කෙටි කාලයක් පැවති එකක් බවද Trump ජනාධිපතිවරයා සඳහන් කළේය.The post ට්රම්ප්ගේ ප්රකාශයකට ඉරානයෙන් ප්රතිචාර appeared first on Siyatha News.