රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ: අද අධිකරණයේදී සියලු පාර්ශව අනාවරණය කළ කරුණු

Wait 5 sec.

"ස්වාමීනි… මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කළා. මෙම සැකකරුවන් විසින් රුපියල් කෝටි දෙකක මුදලක් හරක් කටා නමැති සැකකරුගේ බිරිඳට ලබා දී තිබෙන්නේ හර්බි හෙවත් නිර්මාණ බණ්ඩාර නමැති අයගේ මිත්‍රයෙකු වන ලසන්ත මංජුල ද සිල්වා නමැත්තෙකු මාර්ගයෙන්. පසුව එම මුදල් මිදිගම ලසා විසින් ඇයට ලබා දී තිබෙනවා. නුගේගොඩ, නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදී තමයි මේ මුදල් ලබාදීම සිදුකර තිබෙන්නේ."