විවිධ සමාජ මාධ්‍ය සෙවුම් ක්‍රමවේද ඔස්සේ "දරුවන් සහ රූපලාවන්‍ය" යන වචන ටයිප් කළහොත්, සම ආරක්ෂා කරන සහ මේකප් නිරූපණ නිෂ්පාදන පිළිබඳව මහත් උද්යෝගයෙන් කතා කරන, නැතහොත් ආලේපන භාවිත කරමින් හෝ, "ගෙට් රෙඩී විත් මී" හෝ "ආෆ්ටර් ස්කූල්" වැනි වීඩියෝ හරහා එදිනෙදා සැලසුම් ගැන කතා කරන කුඩා දැරියන් සිය ගණනකගේ වීඩියෝ සොයා ගැනීම අපහසු නොවේ. ඔවුන් අතර වයස අවුරුදු තුනක් හෝ හතරක් තරම් කුඩා දරුවෝද වෙති.