ලිට්ල් ට්‍රම්පට්ට 70යි

Wait 5 sec.

චීන මාධ්‍ය සමූහයේ “ලිට්ල් ට්‍රම්පට්” වැඩසටහන දියත් කිරීමේ 70 වන සංවත්සරය සැමරීමේ සමුළුව ඊයේ(4) බෙයිජිංහිදී පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා ඊට එක් වෙමින්, චීන ජනාධිපති ෂී ජින්පිංගේ සුබ පැතුම් ලිපිය කියවා, දේශනයක් පැවැත්වීය.චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික සම්මේලනයේ සිට, ෂී ජින්පිං සෑම විටම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය ගැන සැලකිලිමත් වී ඇති බවත්, නව යුගයේ ළමා හා නව යොවුන් වියේ දරුවන්ගේ සංවර්ධනය සඳහා මූලික මග පෙන්වීම ලබා දී ඇති බවත් ඊට එක් වූ නියෝජිතයෝ පෙන්වා දුන්හ.ෂී ජින්පිංගේ වැදගත් සුබපැතුම් ලිපියේ හරය හොඳින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ යුතු බවත්, සදාචාරාත්මක, බුද්ධිමය, ශාරීරික, සෞන්දර්යාත්මක සහ ශ්‍රම අධ්‍යාපනයෙන් පරිපූර්ණ සමාජවාදී සමාජයේ නිර්මාණකරුවන්  සහ අනුප්‍රාප්තිකයින් බිහි කළ යුතු බවත් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.The post ලිට්ල් ට්‍රම්පට්ට 70යි appeared first on Siyatha News.