අප්‍රිකාවේ සැබෑ විශාලත්වය නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් සම්මත කිරීමට සූදානමක්

Wait 5 sec.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, අප්‍රිකා මහද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා යෝජනාවක් සම්මත කර තිබේ.Togo විසින් ඉදිරිපත් කළ “Correct the Map” යෝජනාවට අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල සහාය හිමිවූ අතර, ප්‍රංශය සහ එංගලන්තය ඇතුළු රටවල් 164ක් එයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් එකම රට වූයේ ඇමරිකාවය. තවත් රටවල් හයක් ඡන්දය දීමෙන් වැළකී තිබේ.දැනට ලොව පුරා බහුලව භාවිත වන Mercator projection සිතියම් ක්‍රමය 16 වැනි සියවසේ සිට භාවිතයේ පවතී. එහෙත් එමගින් රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොකරන බවට දිගු කලක් තිස්සේ විවේචනය පවතී.විශේෂයෙන්, Mercator සිතියමේ අප්‍රිකාව සහ ග්‍රීන්ලන්තය සමාන ප්‍රමාණයේ මෙන් පෙනෙන නමුත්, සැබෑවටම අප්‍රිකාව, ග්‍රීන්ලන්තය මෙන් 14 ගුණයකට ආසන්න විශාලත්වයකින් යුක්තය.The post අප්‍රිකාවේ සැබෑ විශාලත්වය නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් සම්මත කිරීමට සූදානමක් appeared first on Siyatha News.