චීන උප අගමැතිවරයා 11 වන නැගෙනහිර ආර්ථික සංසදය අමතයි

Wait 5 sec.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති Ding Xuexiang ඊයේ (03) රුසියාවේ Vladivostok නගරයේ පැවති 11 වන නැගෙනහිර ආර්ථික සංසදයට එක් විය. ‘චීන-රුසියානු කලාපීය සහයෝගතා පුළුල් කරමින් දෙරටේ ජනතාවට සුබසෙත ගෙන දීම’ යන මැයෙන් ඔහු එහිදී දේශනයක් සිදු කළේය.නැගෙනහිර ආර්ථික සංසදය යනු, විවිධ රටවල්, සහයෝගතා හා සංවර්ධන කාර්යයන් ඉටු කිරීමේ වැදගත් වේදිකාවක් බව Ding Xuexiang එහිදී පෙන්වා දුන්නේය. ෂී ජින්පිං ජනාධිපතිවරයා හා ව්ලැඩිමිර් පුටින් ජනාධිපතිවරයා මෙම වසරේ අවස්ථා කිහිපයකදීම හමු වූ අතර, එම හමුවීම් නව යුගයේ චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය හා ද්විපාර්ශ්වික සහයෝගතා පුළුල් කිරීම වෙනුවෙන් වැදගත් මගපෙන්වීමක් ලබා දී ඇත. රුසියාව සමග එක්ව දෙරට නායකයින් අතර වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින් කලාපීය සහයෝගතා වඩාත් ගැඹුරු හා ඉහළ තත්ත්වයක් දක්වා ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Ding Xuexiang එහිදී පැවසීය. චීනයේ ආයෝජන සිදු කිරීමට ලොව විවිධ රටවල ව්‍යාපාරයන්හි පැමිණීම අපේක්ෂා කෙරේ.  එබැවින් චීන මාදිලියේ නවීකරණ ක්‍රියාදාමයට එක් වීමෙන් ස්වයං සංවර්ධනය සාක්ෂාත් කර ගනිමින් කලාපීය මෙන්ම ලෝක සාමය හා සමෘද්ධිය වෙනුවෙන් ද වඩාත් වැඩි දායකත්වයක් සලසා දීමට හැකි වෙතැයි විශ්වාස කරන බව චීන උප අගමැතිවරයා එහිදී අවධාරණය කර ඇත. The post චීන උප අගමැතිවරයා 11 වන නැගෙනහිර ආර්ථික සංසදය අමතයි appeared first on Siyatha News.