පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ඇතැයි කී සැකකරු ගැන අධිකරණය දුන් නියෝගය

Wait 5 sec.

නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළහ.ඔවුන් දැනුම් දුන්නේ, අන්තර් මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හඳුන්වා ගනිමින් සැකකරු මාධ්‍ය හමුවක් පවත්වා කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇති බව ය.