මැදපෙරදිග ගැටලු සම්බන්ධයෙන් චීනයේ ධනාත්මක සහ වගකිවයුතු භූමිකාව අගය කරන බව ජෝර්දාන නියෝජ්‍ය අගමැති පවසයි

Wait 5 sec.

චීන විදේශ අමාත්‍ය වං යී සහ ජෝර්දාන නියෝජ්‍ය අගමැති, විදේශ ඇමති Ayman Safadi අතර හමුවක් ඊයේ (23) බෙයිජිං හිදී පැවැත්විණ.Safadi චීන සංචාරයක නිරත‍ ජෝර්දානයේ දෙවන Abdullah ibn Al Hussein රජු සමග පැමිණ සිටී.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වං යී පැවසුවේ, චීනය කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තියට සහ එකම චීනය මූලධර්මයට අනුගත වීම වෙනුවෙන් ඇති ජෝර්දානයේ ස්ථිර කැපවීම චීනය අගය කරන බවයි. ජෝර්දානයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය අඛණ්ඩ සහාය ලබා දෙන බව ද ඔහු පැවසීය.ජෝර්දානය මැදපෙරදිග කලාපයේ ඇති වැදගත් රටකි. පලස්තීන ප්‍රශ්නය සහ සෙසු කලාපීය ගැටලු සම්බන්ධයෙන් ධනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට චීනය ජෝර්දානයට දිගටම සහාය ලබා දෙනු ඇති බව වං යී සඳහන් කළේය.The post මැදපෙරදිග ගැටලු සම්බන්ධයෙන් චීනයේ ධනාත්මක සහ වගකිවයුතු භූමිකාව අගය කරන බව ජෝර්දාන නියෝජ්‍ය අගමැති පවසයි appeared first on Siyatha News.