මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 වන දින සිදු කරන බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය.මෙම නඩුකරය සිකුරාදා (අගෝ: 28) අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ වින්දිත වෛද්‍යවරිය පළමු වරට නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අනුරාධපුර මහාධිකරණයට පැමිණ සිටියා ය.