වීජා පුවරුව – Ep:12

Wait 5 sec.

වීජා පුවරුව – Ep:12පසුදින දක්වා මා ලැගුම් ගත්තේ හෝම්ස්ගේ නවාතැනෙහිමය. ඒ මන්ද යත් පසුදිනයේ සිල්වියා මහත්මිය දැකබලා ගැනීමට යෑමේ අටියෙනි. හෝම්ස් හා මම උදෑසනක් දහයට පමණ විම්බල්ඩන් මානසික රෝහල කරා ගියේ ඒ අරමුණ හිතැතිවය.හෝම්ස්, ඔබ හිතෙන්නෙ මේ ගමනින් ඵලක් තියේවි කියලද? මා ඇසුවේ මානසික රෝගියෙක්ගෙන් කට උත්තර ලබාගැනීමට යන හෝම්ස් දෙස බලමිනි.වොට්සන්… මං හිතෙන්නෙ අපි මේක පරික්ෂා කර බැලිය යුතුයි. බලන්න ඔබ ඊයේ මට හුඟක් හෝඩුවාවන් ලබාදුන්නා… ඒ ගැන කල්පනා කරන කොට නම්… ඔහුට ඉතිරිය සම්පූර්ණ කිරීමට මා ඉඩ නොදුන්නෙමි.මොකක්… මා හෝඩුවාවන් ලබාදුන්නා…මා වික්ෂිප්තව වීම පුදුමයට කරුණක් නොවේ.ඔබ ඊයේ රෑ නිදාගත්තට වොට්සන් අපේ පස්සෙන් එන ආත්මය අපව අතාරින්නේ නෑ… ඔහු මා එක්ක කතාකලා ඔබ යොදාගෙන… ඔහු කීවේ මා පුදුමයට පත්කරමිනි.හැබෑට… ඔහු මොනවද කිව්වෙ මගේ කටින්…වචන දෙකයි කිව්වේ…මොනවා… ඒ මොනාද?Kill You ! හෝම්ස් කීවේය. *              *                 *                   *                *රෝහලේ හෙදියක් විසින් අප සිල්වියා රොලින් අසලට කැඳවාගෙන යන ලදි.තරමක් කුඩා සුදු තීන්ත තැවරූ කාමරයක් මැද ඈ පුටුවක වාඩිවී සිටියාය.හරි පුදුමයි… මොකද ඇයට විලංගු යොදා නැත්තේ… ඇයට එතරම් අමාරුවක් නැද්ද ?මා හෙදියගෙන් විමසුවෙමි.නැහැ ඩොක්ට වොට්සන්… මැයට තිබෙන්නේ කිසිවක් හඳුනාගත නොහැකි රෝගී තත්වයක්… පසුපසින් පැමිණි රෝහලේ වෛද්‍යවරියක් පැවසුවාය.ඒ කියන්නෙ මැයට හුඟක් අසාධ්‍යයි..? එසේ අසමින් මා හෝම්ස් දෙස බැලුවෙමි.ඔව් වොට්සන් මහත්මයා… ඇයට ඒ සමඟ ඩෙලේරියම් ( Delirium) තත්වය අනුගත වෙලා තියෙන්නෙ. ඇය කීවාය.ඔහ් ජේසුනි..! මට කියැවිණ.මැයට යමක් පෙන්වීමට ඔබලාගෙන් බාධාවක් නැතිද මහත්මිය. හෝම්ස් එම වෛද්‍යවරියගෙන් විමසීය.ගැටලුවක් නැහැ හෝම්ස් මහත්මයා… ඒත් දෑස්වල දෘෂ්ටිය හොඳට තිබුණට මොකද මැයට කිසිවක් හඳුනාගන්න බැහැ… කොටින්ම ඇයට කතා කරන්නත් බැහැ ඇය තවදුරටත් කීවාය.ඔව් හෝම්ස්… ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ… ඔබ මොකක්ද පෙන්වන්න යන්නේ… මා ඇසුවෙමි.හෝම්ස් කිසිත් නොකියාම කබා සාක්කුවෙන් නමා තිබූ කඩදාසියක් රැගෙන එය දිගහැර අපට නොපෙන්වාම සිල්වියා හට පෙන්වූයේ තත්පර දෙකක්වත් ගතවීමට පෙරය.ඊළඟ මොහොතේ සිදුවූයේ සිහිනෙකින්වත් නොසිතූවකි.සිල්වියා රොලින් යටිගිරියෙන් කෑගසා විලාප දුන්නේ කඩදාසිය මත තිබූ දෙය දැකීමෙනි.මා මෙන්ම වෛද්‍යවරියටද මේ කිසිවක් සිතාගැනීමට නොහැකිව ඇසිපිය ගැසුවෙමු.හෝම්ස් කඩදාසිය දිගහැරගෙනම අප වෙත හැරුණේ එය අපටද පෙන්වීමටයි.තද කළු තීන්තයෙන් ‘Goodbye’ යන්න එහි පැහැදිලිව ලියා තිබුණේය.එය දුටු මානසික රෝග විශේෂඥවරිය ක්ලාන්ත වී මගේ දෙඅත් උඩට කඩාගෙන වැටුනේ බිමට වැටීමට තිබූ සියයට අනූනවයක සම්භාවිතාව බිඳහෙළමිනි.   ——- ෂර්ලොක් හෝම්ස් 2017 © ——-Like එපා පුලුවන් නම් #Comment එකක් දාල #Share කරන්න. ගොඩක් වටිනවා. ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දේ විතරයි.