ගෝලීය ආහාර සුරක්ෂිතතා පද්ධතිය ගොඩනැංවීමට යෝජනා

Wait 5 sec.

විවිධ ආර්ථික ඒකකයන් සමග එක්ව වඩාත් ස්ථාවර ආහාර සුරක්ෂිතතා පද්ධතිය ගොඩනැංවීමට චීනය සූදානම් බව චීන උප අග්‍රාමාත්‍ය Liu Guozhong අවධාරණය කරයි. මේ සඳහා හෙතෙම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. කර්මාන්ත ශක්‍යතාවන් නංවාලීම, නවෝත්පාදනය තහවුරු කිරීම, කෘෂි විද්‍යා හා තාක්ෂණ සහයෝගීතා ගැඹුරු කිරීම, පුළුල් සහභාගීත්වයේ රැඳීම, ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සහතික කිරීම යනාදී කරුණු ඉන් ප්‍රධාන වෙයි.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිතයෙකු ද වන Liu Guozhong ඊයේ(25) චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ පැවති APEC සංවිධානයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ 11 වන අමාත්‍ය මට්ටමේ රැස්වීමේ සමාරම්භක උත්සවයේ දේශනයක් සිදු කළ අවස්ථාවේදී මේ බව විග්‍රහ කළේය.‘ආසියා-ශාන්තිකර පොදු ප්‍රජාව ‍ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’ යන්න මෙම රැස්වීමේ ප්‍රධාන තේමාව විය.The post ගෝලීය ආහාර සුරක්ෂිතතා පද්ධතිය ගොඩනැංවීමට යෝජනා appeared first on Siyatha News.