චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර සභාවේ 18වැනි සැසිවාරය ඊයේ(25) පැවැත්විණ. ඒ “ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කර වැඩිදියුණු කිරීම” යන තේමාවෙනි. මෙම සැසිවාරය පැවැත්වූයේ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටු සභාපති සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Wang Huningගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මෙම රැස්වීමට ආරාධිතයෙකු ලෙස සහභාගී වී වාර්තාවක් ඉදිරිපත් කළේය.He Lifeng එහිදී කියාසිටියේ, උසස් තත්ත්වයේ සහ පූර්ණ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම, ආදායම් බෙදාහැරීමේ පද්ධතිය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම, දේපළ වෙළඳපොළේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීම, මූලික මට්ටමේ මහජන සේවා සමානාත්මතා‍වයෙන් ඉදිරියට ගෙන යාම ආදී ප්‍රධාන ජීවනෝපායන් කැපීපෙනෙන ප්‍රගතියක් කරා ගෙන යා යුතු බවය.The post ජන ජීවිතය වඩාත් සුරක්ෂිත කිරීමට සැරසෙන චීනය appeared first on Siyatha News.