"මම ඇත්තට ම ගොඩක් දුර්වල වෙලා හිටියේ. මගේ කකුල් දෙක තියෙනවා ද කියලවත් හරියට දැනුණේ නැහැ. මම බය වුණා, මොකක් ද වෙන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැ," යැයි ඇනායිස් ඩි වොස් පවසයි.ඒ, 2011 ජූලි මාසය යි. එවකට වයස අවුරුදු 27ක් වූ ඇනායිස් සිටියේ, පැරිසියේ පිහිටි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශයේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිමිනි.