ඇමරිකානු ආර්ථික මෙහෙයුමට සම්බන්ධ වන ඕනෑම රටක ක්‍රියාවක් “යුද ක්‍රියාවක්” ලෙස සලකන බව ආරක්ෂක නිලධාරියෙක් කියයි

Wait 5 sec.

ඇමරිකාවේ ඉරාන විරෝධී ආර්ථික මෙහෙයුමට ඕනෑම රාජ්‍යයක් සහාය දැක්වීම, “යුද ක්‍රියාවක්” ලෙස සලකන බව ඉරානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් ඊයේ(23) අනතුරු ඇඟවීය. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Mohsen Rezaei මහතා පැවසුවේ, ආර්ථික යුද්ධය නොනවත්වා පැවතුණහොත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා හෝ පර්සියානු බොක්කෙහි වෙනත් කිසිදු ස්ථානයකින් තෙල් අපනයනය කිරීමට ඉඩ නොදෙන බවය.ඉරාන ජනතාවට එරෙහි ඇමරිකාවේ ආර්ථික යුද්ධයට ඕනෑම රටක් සම්බන්ධ වීම හෝ එයට සහාය දැක්වීම ඉරානය විසින් යුද ක්‍රියාවක් ලෙස සලකන බවත් හෙතෙම පවසා ඇත. ඔහුගේ මෙම ප්‍රකාශය, ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස සිදු කර තිබේ.Truth සමාජ මාධ්‍යයෙහි පළ කළ සටහනකින් Trump ඉකුත් බදාදා ප්‍රකාශ කළේ, ඉරානයට අත්‍යවශ්‍ය සහාය සපයන ඕනෑම රටකට එරෙහිව, මෙතෙක් ගෙන ඇති වඩාත්ම දැඩි ආර්ථික මෙහෙයුම ක්‍රියාත්මක කරන බවය.එම පියවර ආර්ථික වශයෙන් තීරණාත්මක මෙහෙයුමක් ආරම්භ කිරීමක් ලෙස ඔහු පැවසීය.ජූනි 18 වැනිදා, ලෙබනනය ඇතුළු කලාපයේ සියලුම පෙරමුණු හරහා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණ. එම අවබෝධතා ගිවිසුම යටතේ, අවසන් එකඟතාවකට පැමිණීම සඳහා දින 60ක් ඇතුළත සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම දින 60ක කාලය සඳුදා අවසන් විය.කෙසේ වෙතත්, පසුගිය මාසයේ දෙරට අතර ඇති වූ තත්ත්වය අර්බුදකාරී තත්ත්වයට පත් වීමෙන් අනතුරුව, එම සාකච්ඡාවල තත්ත්වය මෙතෙක් පැහැදිලි නැත.The post ඇමරිකානු ආර්ථික මෙහෙයුමට සම්බන්ධ වන ඕනෑම රටක ක්‍රියාවක් “යුද ක්‍රියාවක්” ලෙස සලකන බව ආරක්ෂක නිලධාරියෙක් කියයි appeared first on Siyatha News.