අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කෘත්‍රිම බුද්ධි startup සමාගමක් වන Anthropic සමාගම “සැපයුම් දාම අවදානමක්” (supply chain risk) ලෙස නම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව විනිසුරුවරයෙකු තීන්දු කර තිබේ. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තීරණය “නීති විරෝධී සහ පදනම් විරහිත” බව හෙතෙම ප්‍රකාශ කර ඇත.Anthropic සමාගම විසින් ගොනු කළ නඩුවේදී පෙන්වා දී තිබුණේ, ආරක්ෂක ලේකම් Pete Hegseth තම බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. මෙම පියවර ගෙන තිබුණේ, නිරීක්ෂණ කටයුතු සහ ස්වයංක්‍රීය අවි ඇතුළු ඇතැම් කටයුතු සඳහා තම AI මාදිලි භාවිත කිරීමට හමුදාවට අවසර දීම Anthropic සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.Anthropic “සැපයුම් දාම අවදානමක්” ලෙස නම් කිරීමට රජය භාවිත කළ නීතිය, විදේශීය කඩාකප්පල්කාරී ක්‍රියාවලින් හමුදා පද්ධති ආරක්ෂා කිරීම අරමුණු කරගත් නීතියකි. මෙය ඇමරිකානු සමාගමක් එවැනි සැපයුම් දාම අවදානමක් ලෙස ප්‍රසිද්ධියේ නම් කළ පළමු අවස්ථාව විය.The post Trump පරිපාලනය Anthropic සමාගමට නීති විරෝධී ලෙස ප්රතිප්රහාර එල්ල කළ බවට තීන්දුවක් appeared first on Siyatha News.