ජාත්යන්තර කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පද්ධතියේ ඉදිරි වර්ධනය සහ එය ශ්රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය."ඉන්දියානු කාලගුණ විද්යා කාර්යාලයත් නිවේදන නිකුත් කරලා තියෙනවා. බෙංගාල බොක්කේ නැගෙනහිර කොටසේ, මධ්යම නැගෙනහිර කොටසේ වගේම ගිනිකොන පැත්තයි ඔය දෙක සම්බන්ධ වෙන හරියේ කැලඹිලි ස්වභාවයක් තියෙනවා. ඒක 23 වෙනිදා වගේ වෙනකොට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි කියලා පූරෝකථනය කර තියෙනවා."