ඇමරිකානු හමුදා, පසුගිය දින දෙක තුළ ඉරානය විසින් ඇමරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහකට ප්‍රහාර එල්ල කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය ප්‍රකාශ කර තිබේ.ඕමාන් බොක්කේ තිබූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් හතරක් සහ ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන Kharg Island ආසන්නයේ තිබූ තවත් තෙල් නැවක් ප්‍රහාරයට ලක්ව තිබේ.ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙසේ වෙතත්, ජෝර්දානය සඳහන් කළේ ඉරානය එල්ල කළ මිසයිල 20න් 18ක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙළූ බවයි.මෙම ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිල ද ඉහළ ගොස් තිබේ.මේ අතර, කුවේට් සහ බහරේන් වරායන් ආසන්නයේ ඇති ඇමරිකාව සමඟ සම්බන්ධ තෙල් නැව්වල කාර්ය මණ්ඩලවලට වහාම නැව්වලින් ඉවත් වන ලෙස ඉරානය අනතුරු අඟවා තිබේ. එම නැව් තම ඉලක්ක බවට පත්විය හැකි බව ද ඉරානය පවසා ඇත.The post ඇමරිකාව සහ ඉරානය අතර ප්රහාර උත්සන්න වෙයි appeared first on Siyatha News.