BRICS සහයෝගිතාව ගැන චීනයෙන් විග්‍රහයක්

Wait 5 sec.

BRICS සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිංගේ මග පෙන්වීම උපායමාර්ගික වැදගත්කමක් දරන බව චීන විදේශ ඇමති වන්ග් යී පවසයි. මෙම දකුණු ආසියානු සංචාරය මගින් “ගෝලීය දකුණේ” රටවල් අතර එකමුතුකම තුළින් ශක්තිය වර්ධනය කිරීම ප්‍රවර්ධනය වූ බව ද ඔහු කියා සිටී. ඉන්දියාවේ පැවති 18 වන BRICS සමුළුවට එක් වෙමින් චීන ජනාධිපතිවරයා සිදුකළ සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් වන්ග් යී ඊයේ(13) මේ බව පැවසීය.පළමුව, චීන ජනාධිපති ෂී ජින්පිංගේ සංචාරය BRICS සහයෝගිතාවයට නව ජවයක් එක් කළේය. පසුගිය දශක දෙක තුළ BRICS හි සංවර්ධන ගමන් මග චීන ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සාරාංශ කළ බව වන්ග් යී පෙන්වා දේ. එනම්, ස්වයං විශ්වාසය සහ ස්වයං ශක්තිමත්භාවය, ඕනෑම අභියෝගයක් හමුවේ එකමුතුව සිටීම සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම එහි පළමුවැන්නය.නව ඓතිහාසික ආරම්භක ලක්ෂ්‍යයක සිටිමින්, නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය ඉදිරියට ගෙන යාම, සාමය සහ ස්ථාවරත්වය සුරැකීම, ශිෂ්ටාචාරයන් අතර අන්‍යෝන්‍ය ඉගෙනුම් ක්‍රියාවලියට පහසුකම් සැලසීම සහ ගෝලීය පාලන ක්‍රමවේද ප්‍රතිසංස්කරණය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල පුරෝගාමීන් ලෙස කටයුතු කරන ලෙස ෂී ජින්පිං BRICS රටවලින් ඉල්ලා සිටි බව වන්ග් යී සඳහන් කළේය.2027 වසරේ දී චීනය BRICS සංවිධානය තුළ සිය සිව්වන “චීන වර්ෂය” සනිටුහන් කරනු ඇත. පොදු එකඟතාවයක් ගොඩනැගීමට, අනාගතය සඳහා නව මාවත් විවෘත කිරීමට මෙන්ම BRICS සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකය ආරම්භ කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට චීනය මෙය අවස්ථාවක් කර ගන්නා බව චීන ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.දෙවනුව, චීන ජනපතිගේ සංචාරයෙන් “ගෝලීය දකුණ” සවිබල ගැන්වූ බව වන්ග් යී පැවසීය. “ගෝලීය දකුණ” ශක්තිමත් කිරීම සඳහා ෂී ජින්පිං වැදගත් යෝජනා හතරක් ඉදිරිපත් කළේය. එනම්, ජාත්‍යන්තර කටයුතුවලදී නීතියේ ආධිපත්‍යය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර නීතිරීති සැමට සමානව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම; බහුපාර්ශ්විකත්වයේ ප්‍රතිපත්ති පෙරට ගෙන ඒම සහ එක්සත් ජාතීන්ගේ අධිකාරිය හා කාර්යභාරය ආරක්ෂා කිරීම ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන දර්ශනයකට කැපවී සිටීම සහ තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ චීනය සහ ඉන්දියාව එකිනෙකාගේ ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගනිමින්, එකිනෙකාට සහාය වෙමින්, සාර්ථකත්වය ළඟා කර ගැනීමට එකිනෙකාට උදව් කිරීමෙන්, පොදු සංවර්ධනයක් කරා ගමන් කළ හැකි බව චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.තෙවනුව, ෂී ජින්පිංගේ සංචාරය චීන-ඉන්දියානු සබඳතාවලට මග පෙන්වූ බව වැන්ග් යී පැවසීය.චීන-ඉන්දියානු සබඳතා සම්බන්ධයෙන් උපායමාර්ගික, දිගුකාලීන සහ දිශානුගත කරුණු පිළිබඳව ෂී ජින්පිං සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කළ බව ඔහු සඳහන් කළේය. ඔවුන් එළඹුණු වැදගත්ම එකඟතාවය වූයේ චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් විය යුතු බවය.චීනයට සහ ඉන්දියාවට එකිනෙකාගේ ශක්තීන් උපයෝගී කර ගත හැකි බවත්, එකිනෙකාට සහයෝගය දැක්විය හැකි බවත්, එකිනෙකාට සාර්ථක වීමට උපකාර කළ හැකි බව මෙන්ම පොදු සංවර්ධනයක් කරා ගමන් කළ හැකි බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වන්ග් යී මහතා පැවසීය.The post BRICS සහයෝගිතාව ගැන චීනයෙන් විග්‍රහයක් appeared first on Siyatha News.