යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය.පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.