වසර 7කට පෙර එනම්, 2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව අඟහරුවාදා (සැප්: 22) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.