ඇමරිකාවේ වේලාවෙන් 24 වැනිදා ‍‍‍‍‍‍‍‍දහවල්, චීන ජනාධිපතිවරයාගේ ආර්යාව වන පෙං ලීයුවාන් මහත්මිය, වොෂිංටනයේ පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වූවාය. ඒ, ඇමරිකා ජනාධිපතිවරයාගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමගය.මෑත වසරවලදී ඇමරිකා පාර්ශ්වය චීන සංස්කෘතික නටබුන් රාශියක් චීනයට ආපසු ලබා දීම පිළිබඳව ප්‍රශංසාව පළ කළ පෙං ලීයුවාන් මහත්මිය එහි ප්‍රකාශ කළේ, චීනය සහ ඇමරිකාව අතර සංස්කෘතික හුවමාරු සහ ශිෂ්ටාචාර උරුමයන් සුරැකීමේ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවයි. එමගින් දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය ප්‍රකාශ කළාය.එය නැරඹීමෙන් පසු, පෙං ලීයුවාන් සහ මෙලානියා ට්‍රම්ප් යන මහත්මීන් දෙපළ ඇමරිකා තරුණ ගායක කණ්ඩායමක් චීන ගීත ගායනා කරන ආකාරය නැරඹූහ. චීන භාෂාව සහ චීන සංස්කෘතිය ඉගෙනීම අඛණ්ඩව සිදු කරමින් චීන-ඇමරිකා මිත්‍රත්වයේ දූතයන් බවට පත්වන්නැයි පවසමින් පෙං ලීයුවාන් මහත්මිය එහි රැස්ව සිටි දරුවන් දිරිගැන්වූවායThe post චීන – ඇමරිකා ජනපති ආර්යාවෝ ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වෙති appeared first on Siyatha News.