රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීමට නව වැඩපිළිවෙළක්

Wait 5 sec.

වසර 30කට ආසන්න යුදමය වාතාවරණය තුළ ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් මියගිය හෝ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු සඳහා සහන සැලසීමට රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන්, 2026 සැප්තැම්බර් 15 දින නිකුත් කළ MOD/01/2026 චක්‍රලේඛය මගින් මෙතෙක් ආවරණය නොවූ පාර්ශව සඳහා සහන ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව වයස අවුරුදු 55න් පසු වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූවන්, අනතුරෙන් දිගු කලකට පසු වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූවන්, වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මියගිය හමුදා සාමාජිකයන්, ක්‍රියාන්විත හේතුවෙන් තුවාල ලබා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය අය, ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සාමාජිකයන්ගේ වැන්දඹුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු මෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ සාමාජිකයන් ඇතුළු පිරිස් සඳහා සහන සැලසීමට අවධානය යොමු කර තිබේ.The post රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීමට නව වැඩපිළිවෙළක් appeared first on Siyatha News.