සෞදි අරාබියේ මරණ දඬුවම: භූමදානයට මළ සිරුරවත් නොලැබුණු පවුල් අත්විඳින වේදනාව

Wait 5 sec.

ආරක්ෂක හේතු මත සිය අනන්‍යතාව හා රඳවා සිටින ස්ථානය හෙළි කළ නොහැකි එක් සිරකරුවෙක්, තමන් සිරකරුවෙකු ලෙස ගෙවන ජීවිතය පිළිබඳව BBC වෙත පැවසීය. ඔහු 2023 වසරේදී අත්අඩංගුවට ගැනුණේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව එල්ල කරමිනි. "ආරක්ෂක නිලධාරීන් දොරවල් විවෘත කරන හැම වෙලාවෙ ම, අපි කල්පනා කරන්නේ ඊළඟට වාරය කාගේ වෙයි ද කියන එක යි.'' "මම දුක් වෙන්නේ මගේ මව්පියන්ට මගේ මළ සිරුරවත් බලා ගන්න බැරි වෙයි කියලා."