යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය. එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.