2026 මහජන විද්‍යාත්මක සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ලෝක සමුළුව ඊයේ (20) බෙයිජිංහිදී පැවැත්විණ. එම සමුළුවේ සමාරම්භක උත්සවයේදී, ලෝක විද්‍යා සාක්ෂරතාව සඳහා වූ සංවිධානය නිල වශයෙන් එළිදැක්විණ.එය චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ සහයෝගයෙන් පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සංවිධානයකි. මෙම වසරේ ජුනි මාසයේ බෙයිජිංහිදී එය ලියාපදිංචි කර ඇත. මේ වනවිට ඒ සඳහා ආසියාව, යුරෝපය, දකුණු ඇමරිකාව, අප්‍රිකාව සහ ඕෂනියාව යන කලාපවල රටවල් 21ක් නියෝජනය කරමින් සාමාජිකයින් 32ක් එක්ව සිටී. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු අමාත්‍ය Li Shulei මහතා එම සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත්,විද්‍යාව, තාක්ෂණය සහ මානව ශාස්ත්‍ර හුවමාරු ප්‍රවර්ධනය කළ යුතු බවත්,විවිධ රටවල් තම විද්‍යාත්මක සාක්ෂරතාවය ජනප්‍රිය කිරීමේ හැකියාවන් ඵලදායී ලෙස වැඩි දියුණු කිරීමට දිරිමත් කළ යුතු බවත් සහභාගී වූවන් ප්‍රකාශ කර තිබේ.මෙම සමුළුව “බුද්ධිමත් සමාජයක් සඳහා විද්‍යාත්මක සාක්ෂරතාව: අවස්ථා, අභියෝග සහ පරිවර්තනයන්” යන තේමාව යටතේ පැවැත්විණ. එය ලෝක විද්‍යා සාක්ෂරතාව සඳහා වූ සංවිධානය සහ චීන විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය විසින් ඒකාබද්ධව පවත්වනු ලබයි.The post මහජන විද්යාත්මක සාක්ෂරතාවය ප්රවර්ධනය පිළිබඳ ලෝක සමුළුව ඇරඹේ appeared first on Siyatha News.