සහයෝගීතාවය හා නිදහස් වෙළඳාම ශක්තිමත් කිරීමට චීන – ජර්මානු විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය

Wait 5 sec.

චීනය හා ජර්මනිය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාවය ශක්තිමත් කිරීමෙන් දෙපාර්ශ්වයේම අවශ්‍යතා සම්පූර්ණ වන බව, චීන විදේශ අමාත්‍ය Wang Yi ඊයේ (21)පැවසීය.ඒ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul සමග දුරකථන සාංවාදයකට එක්වෙමිනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වන Wang Yi එහිදී පෙන්වා දුන්නේ බහුපාර්ශ්විකවාදය සහ නිදහස් වෙළඳාම ඒකාබද්ධව ආරක්ෂා කිරීමට දෙරටම කැපවී සිටින බවට ධනාත්මක සංඥාවක් ලබාදිය යුතු බවය.එමගින් දෙරටේ සබඳතා වර්ධනය වීම පිළිබඳ විශ්වාසය ශක්තිමත් කර, චීනය හා ‍යුරෝපා සංගමය අතර සබඳතා වර්ධනයට අනගි දායකත්වයක් ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. චීන-ජර්මානු සබඳතාවල දේශපාලන පදනම වන්නේ එකම චීනය මූලධර්මය බව Wang Yi මෙහිදී පෙන්වා දී ඇත. චීනය සහ යුරෝපා සංගමය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් පවතින බැවින්, දෙපාර්ශ්වය වෙළඳ යුද්ධයකට අවතීර්ණ නොවිය යුතු බව ද ඔහු පැවසීය.චීනය නිරන්තරයෙන්ම අවධාරණය කර ඇත්තේ, චීනය සහ යුරෝපා සංගමය සංවාද හා සාකච්ඡා මගින් එකිනෙකාගේ ගැටලු විසඳාගත යුතු බවය. චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමට ජර්මනිය අපේක්ෂා කරන බව මෙහිදී Johann Wadephul ප්‍රකාශ කළේය.ජර්මනිය එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන අතර, එම ස්ථාවරය වෙනස් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ. චීනය සහ යුරෝපා සංගමය අතර පවතින වෙනස්කම් සංවාද මගින් නිසි ලෙස විසඳා ගැනීමට ජර්මනිය සහාය දක්වන අතර, ඒ සඳහා සක්‍රීය භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.The post සහයෝගීතාවය හා නිදහස් වෙළඳාම ශක්තිමත් කිරීමට චීන – ජර්මානු විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය appeared first on Siyatha News.