චීන ජනාධිපති ෂී ජින්පිං ඇමරිකාවේ රාජ්‍ය සංචාරයකට සැරසෙයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං එළඹෙන හෙට(23) දා සිට 25වැනි දා දක්වා ඇමරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත ය. චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (21) මේ බව ප්‍රකාශ කර ඇත.මේ අතර මාස හයක් ඇතුළත චීන- ඇමරිකා නායකයින් දෙරට අතර සංචාරය කිරීම ඓතිහාසික මෙන්ම සන්ධිස්ථානගත අවස්ථාවක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ප්‍රකාශ කළේය. මෙවර සංචාරය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන-ඇමරිකානු සබඳතාව, ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ වැදගත් අදහස් හුවමාරු කර ගනු ඇති බව Guo Jiakun පැවසීය. රාජ්‍ය නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු, චීන-ඇමරිකානු සබඳතා සඳහා අත්‍යවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීමක් ඉටු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. චීන-ඇමරිකා ඵලදායී උපායමාර්ගික ස්ථාවර සබඳතාව පුළුල් කරමින් සංවාද හා සහයෝගිතා තහවුරු කර මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා දී ලෝක සාමය, ස්ථාවරත්වය මෙන්ම සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා ඇත.The post චීන ජනපතිගේ ඇමරිකානු රාජ්ය සංචාරය හෙට ඇරඹේ appeared first on Siyatha News.