වහල මත සවි කරන සූර්ය පැනල ඔස්සේ ජාතික පද්ධතියට ලබා ගන්නා විදුලිය සඳහා ගෙවීම් කරන ලද ක්‍රම තුනෙන් දෙකක් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.සැප්තැම්බර් 11 වන දා සිට අනුමැතිය ලබාගෙන ජාතික පද්ධතිය හා සම්බන්ධ වන සූර්ය බලශක්තියෙන් විදුලි ලබා දෙන වහල මත සවි කළ සූර්ය පැනල සවි කරන පාරිභෝගිකයන්ට ඒ සඳහා ඇත්තේ, එක් ගෙවුම් ක්‍රමවේදයක් පමණි.