සිංගප්පූරුවේ බස් රථ මගීන්ට ආසන මත පා තැබීම, අධික ශබ්දයෙන් උපකරණ භාවිත කිරීම, බස් රථය තුළ ආහාර ගැනීම, කසළ දැමීම වැනි ක්‍රියා සඳහා උපරිම දඩය ලෙස සිංගප්පූරු ඩොලර් 500ක (US$391; £293) මුදලක් නියම කළ හැකිය.බස් රථවල සිදු කෙරෙන වඩාත් බරපතළ වැරදි සඳහා උපරිම සිංගප්පූරු ඩොලර් 5,000ක දඩයක් පැනවෙනු ඇත. එවැනි වැරදි අතර බස් පර්යන්ත තුළ සෙසු මගීන්ට බාධා කිරීම හෝ අනතුරක් ඇති කිරීම, මෙන්ම “පොදු බස් රථයක, බස් මාරු මධ්‍යස්ථානයක හෝ පර්යන්තයක ඕනෑම කොටසක් අපවිත්‍ර කිරීම” ඇතුළත් වේ.මෙම නව නීති මගින් සියලුම මගීන් සඳහා වඩාත් ආරක්ෂිත පොදු ප්‍රවාහන පරිසරයක් නිර්මාණය වනු ඇතැයි එරට බලධාරින් සඳහන් කර තිබේ.නිවේදනය කළ මෙම නව රෙගුලාසි, එරට දුම්රිය හෙවත් Mass Rapid Transit (MRT) ජාලය සඳහා දැනට පවතින නීතිවලට ද අනුකූල වේ.The post සිංගප්පූරුවේ බස් මගීන්ට නව නීති appeared first on Siyatha News.