මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර පුද්ගලයන් විසින් කලක් තිස්සේ කරගෙන ගිය තැඹිලි ලබා දීමේ වැඩසටහන් අවලංගු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.ඒ වෙනුවට එලෙස ලබා දෙන පරිත්‍යාග රෝහල වෙත ලබා දී රෝගීන් වෙත සෞඛ්‍යාරක්ෂිතව ලබා දීමට කටයුතු කරන ලෙස අපේක්ෂා රෝහල් පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත.