ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1,500ක දඩය කොළඹ මහාධිකරණය අඟහරුවාදා (ජූනි 23) තහවුරු කළේ ය.