වගකීම් සහගත බලවත් රටක් ලෙසට චීනය, ගෝලීය කාර්මික දාමය හා සැපයුම් දාමය පිළිබඳ ස්ථාවරත්වය සැබෑ ලෙස ආරක්ෂා කර ඇතැයි චීන උප අගමැති Ding Xuexiang මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (22) ආරම්භ වූ 04 වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට එක් වෙමිනි.ගෝලීය කාර්මික දාමය හා සැපයුම් දාමය පිළිබඳ සහයෝගීතාවය වෙනුවෙන් පෙනී සිටීමෙන් චීනය ප්‍රතිලාභ ලබා ඇති බවත්, චීනය එය දැඩිව ආරක්ෂා කරන්නෙකු බවත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෙකු ද වන Ding Xuexiang මහතා එහිදී පැවසීය.ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා Ding Xuexiang මහතා මෙහිදී යෝජනා හතරක් ඉදිරිපත් කළේය. අන්‍යෝන්‍ය විශ්වාසය‍ හා වෙළඳාමට පහසුකම් සැලසීම ශක්තිමත් කිරීම, ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය සහ සම්පත් හුවමාරුව වැඩි දියුණු කිරීම එම යෝජනාවලට ඇතුළත් විය.The post චීන උප අගමැති 04 වන චීන ජාත්යන්තර සැපයුම් දාම ප්රවර්ධන ප්රදර්ශනයේ සමාරම්භක උළෙල අමතයි appeared first on Siyatha News.