2026 ගිම්හාන ඩාවෝස් සංසදය ඇරඹේ

Wait 5 sec.

ලෝක ආර්ථික සංසදයේ  17 වන වාර්ෂික රැස්වීම හෙවත් ගිම්හාන ඩාවෝස් සංසදය අද(23) චීනයේ Dalian නගරයේ ආරම්භ විය. මෙම තෙදින සංසදය 90කට වැඩි රටවල සහ කලාපවල ව්‍යවසායකයින්, විද්වතුන් සහ දේශපාලනඥයින් ඇතුළු 1700කට අධික පිරිසක් එක්රැස් කර ඇති අතර, එය පරිමාණය පිළිබඳ නව වාර්තාවක් පිහිටුවයි.කෘත්‍රිම බුද්ධිය(AI තාක්ෂණය) මෙම වසරේ සංසදයේ ප්‍රමුඛතම තේමාවක් වී තිබීම විශේෂත්වයකි. පෙර වසර හා සැසඳීමේදී, මෙම වසරේ මාතෘකා, AI තාක්ෂණය භාවිතයේ අසීරුතාව සහ සැබෑ අභියෝග දෙසට මාරු වී ඇත. AI තාක්ෂණයෙන් ආර්ථික ප්‍රතිලාභ නිර්මාණය කරන්නේ කෙසේද සහ අවදානම් අවම කරන්නේ කෙසේද යන්න පිළිබඳව සංසදයට සහභාගීවූවෝ සාකච්ඡා පවත්වති.මේ අතර, මෙවර සංසදය “පරිමාණ නවෝත්පාදනය” යන ක්ෂේත්‍රයට ද වැඩි අවධානයක් යොමු කරයි. බැටරි තාක්ෂණය සහ හරිත නිෂ්පාදනය ඇතුළු සැබෑ කර්මාන්තවල සිට ඊ-වාණිජ්‍ය ගෝලීයකරණය සහ මූල්‍ය ආරක්ෂාව ඇතුළු සේවා කර්මාන්ත දක්වා මෙන්ම, කලා සහ සංස්කෘතිය පිළිබඳ නවෝත්පාදනය කෙරෙහි ද සංසදයේ විවිධ අංශ මගින් අවධානය යොමු කර තිබේ.The post 2026 ගිම්හාන ඩාවෝස් සංසදය ඇරඹේ appeared first on Siyatha News.