මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බව ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.