ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානයේ (APEC) සංචාරක කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ 13 වන රැස්වීම පසුගියදා චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්විණ. එහි සමස්ත සාමාජික රටවල් සහ කලාප 21කින් පැමිණි සංචාරක කටයුතු පිළිබඳ ප්‍රධානින් ඇතුළු විවිධ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. ‘සංචාරක කර්මාන්තයෙන් පොදු ඉරණමක් සහිත ආසියා-ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැංවීමට සහාය වීම’ යන තේමාවෙන් යුතුව මෙම රැස්වීම පැවැත්විණ.මෙම රැස්වීම APEC ‘චීන වසර’සඳහා වඩාත් වැදගත් වන සුවිශේෂී අංගයකි. APEC යාන්ත්‍රණය යටතේ පිහිටුවන ලද මෙම රැස්වීම ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා, විවිධ සාමාජිකයන් සංස්කෘතික හා සංචාරක සංවර්ධනයෙන් ලද ප්‍රතිලාභ එක්ව බෙදා ගැනීමට දායක වී තිබීම මෙහි විශේෂත්වයකි.The post APEC සංචාරක අමාත්යවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි appeared first on Siyatha News.