ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1069ක්

Wait 5 sec.

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණ කර සිටියි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,037ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.