බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: 'පොලිස්විමර්ශන ගැන නිරන්තර විමසිල්ලෙන්'- නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පළමු වරට පෙනී සිටිමින් කියයි

Wait 5 sec.

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලද බව කියන සිද්ධියට අදාළව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ය.