ඊයේ (23) දින සවස පෝද්දල පොලිස් වසමේ වක්වැල්ල පාලම අසල ගිං ගඟේ පිරිමි පුද්ගල සිරුරක් පාවෙමින් තිබෙන බවට පෝද්දල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි සඳහන් වන්නේ. මෙය සැකසහිත මරණයක් වන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතයි. පෝද්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වාර්තා වන්නේ.The post නාඳුනන පුද්ගල සිරුරක් ගිං ගඟෙන් හමුවෙයි appeared first on Siyatha News.