වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වී තිබේ. පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය මග්නිටියුඩ් 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය මගිනිටියුඩ් 7.5ක් විය. මෙම ආපදා තත්ත්වයත් සමග වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.